Wednesday 1st of April 2026

English Tamil
Advertiesment


අනුර කිව යුතු එහෙත් නොකී කතාව


2026-03-19 1278

.

සාමාන්‍යයෙන් ලෝකයේ තෙල් මිල උච්චාවචනය වෙනවා.තෙල් මිලේ සිද්ධවෙන වෙනස්කම් කෙලින්ම නිෂ්පාදන ක්‍රියාවලියට බලපානවා.නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටුනමෙන් සම්පුර්ණයෙන්ම ජන ජීවිතය අවුල් වෙනවා.ජීවන වියදම වැඩිවීමෙන් ජනතාව මත පීඩනය වැඩිවෙනවා.අද අපේ සමාජයත් මේ අභාවාචක අද්දැකීමට මුහුණ දෙමින් ඉන්නේ.ආණ්ඩුව පැත්තෙන් මේ ක්‍රියාවලියට උත්තරයක් හොයන්නේ නැතිව එක පැත්තකින් සියල්ල යුද්ධය මත පටවමින් ඉන්නවා.

ලෝකය හැමතැනම මෙහෙමයි.අපි තමයි තෙල් අඩුවෙන්ම දෙන්නේ කියලත් කියනවා.දැන් ඩෝබිලාට දිලා තියෙන point එකක් ඒක.ඒක නිසා මේ ගැන කරපු ගවේෂණයක් ආශ්‍රයෙන් රටේ රාළට ඔයාලව දැනුවත් කරන්න හිතුනා.ඒකට මෙතනදී අපි ශ්‍රී ලංකාව සහ තවත් රටවල් 07 ක දත්ත කීපයක් එකිනෙකට සන්සන්දනය කරලා බලමු.එතනදී රටේ රාළ ගන්නේ ඒ රටවල ඒක පුද්ගල ආදායම පෙට්‍රල් බරත් එක්ක කරන සන්සන්දනය කිරීමක්.

රට/ඒක පුද්ගල ආදායම (USD / year)/දිනයක ආදායම/පැට්‍රල් ලීටර් 1 මිල/දිනයක ආදායමෙන් පෙට්‍රල් සදහා යන ප්‍රතිශතය විදිහටයි.

???????? Australia

ඒක පුද්ගල ආදායම $65,000

දිනක ආදායම $178

පැට්‍රල් ලීටර් 1ක් $1.2

දිනක ආදායමේ ප්‍රථිශතය 0.7%

???????? Canada

ඒක පුද්ගල ආදායම $54,000

දිනක ආදායම $148

පැට්‍රල් ලීටර් 1ක් $1.0

දිනක ආදායමේ ප්‍රථිශතය 0.7%

???????? Germany

ඒක පුද්ගල ආදායම $52,000

දිනක ආදායම$142

පැට්‍රල් ලීටර් 1ක් $1.9

දිනක ආදායමේ ප්‍රථිශතය 1.3%

???????? United Kingdom

ඒකපුද්ගල ආදායම $56,000

දිනක ආදායම $153

පැට්‍රල් ලීටර් 1ක් $1.7

දිනක ආදායමේ ප්‍රථිශතය 1.1%

???????? Japan

ඒක පුද්ගල ආදායම $40,000

දිනක ආදායම$110

පැට්‍රල් ලීටර් 1ක් $1.2

දිනක ආදායමේ ප්‍රථිශතය 1.1%

???????? Singapore

ඒක පුද්ගල ආදායම $82,000

දිනක ආදායම $225

පෙට්‍රල් ලීටර් 1ක් $2.1

දිනක ආදායමේ ප්‍රථිශතය 0.9%

???????? Malaysia

ඒක පුද්ගල ආදායම $14,000

දිනක ආදායම $38

පැට්‍රල් ලීටර් 1ක් $0.5

දිනක ආදායමේ ප්‍රථිශතය 1.3%

???????? Sri Lanka

ඒක පුද්ගල ආදායම $4,500

දිනක ආදායම $12

පැට්‍රල් ලීටර් 1ක් $1.1

දිනක ආදායමේ ප්‍රථිශතය 9% – 13%

දැන් සරලවම ගත්තොත් ඔයාලට තේරෙනවා ඇති ලෝකයේ ගොඩක් රටවල පැට්‍රල් ලීටර් 1 = දිනයක ආදායමෙන් 0.7% – 1.3% කියලා.හැබැයි ශ්‍රී ලංකාවේ පැට්‍රල් ලීටර් 1 = දිනයක ආදායමෙන් 10%ට කිට්ටුයි.ඒ අනුව අපට එන්න පුළුවන් නිගමනය තමයි Australia,Canada,Germany,United Kingdom,Japan,Singapore වගේ රටවල පැට්‍රල් ලීටරයක් = දිනක ආදායමෙන් 1% ටත් අඩුයි.හැබැයි Sri Lanka ඇතුළේ දවසක ආදායමෙන් 10% විතර වියදමක් යනවා.

ඒ කියන්නේ ඉන්දන මිලෙන් අපේ රටේ ජනතාවට ඇති බර දියුණු රටවලට වඩා 10 – 15 ගුණයකින් වැඩියි.අද ලෝකයේ හැම රටකම වගේ ඉන්ධන සහ ආහාර මිල උච්චාවචනය වෙනවා. ඒකට යුද්ධ,ගෝලීය ඉන්ධන වෙළඳපොළේ තත්වයන්,ප්‍රවාහන වියදම්,සපයුම් දාම බිඳවැටීම් වගේ හේතු බලපානවා.හැබැයි මේ උච්චාවචනයන් ජනතාවට බලපාන හැටි රටෙන් රටට වෙනස්.

Australia,Canada,Germany,United Kingdom,Japan.Singapore වගේ දියුණු රටවල ආර්ථිකයන්වලත් ඉන්ධන මිල කාලෙන් කාලයට ඉහළ යනවා.ඒ උනාට ඒ රටවල ජනතාවගේ ආදායම ඉහළයි. පැට්‍රල් ලීටරයක මිල සාමාන්‍යයෙන් දවසක ආදායමෙන් 1% ටත් අඩුයි.ඒ රටවල අත්‍යාවශ්‍ය ආහාරවලට වැය වෙන්නේ දවසක ආදායමෙන් 5% විතරයි.ඒක නිසා මිල වැඩි උනත් ජනතාවගේ ජීවන තත්ත්වයට ඇති බලපෑම සීමිතයි.

මධ්‍යම ආදායම් ලබන Malaysia වගේ රටක උනත් ඉන්ධනවලට සහනාධාර ක්‍රමයක් තියනවා සහ දේශීය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත්.ඒ නිසා මේ මිල උච්චාවචනය පාලනය වීමක් තියනවා.හැබැයි අපේ රටේ තත්ත්වය මීට සම්පූර්ණයෙන් වෙනස්.රුපියල කඩා වැටීම,විදේශ ණය අර්බුදය,ඉන්ධන හා ආහාර ආනයන මත විශාල ලෙස රඳා පැවතීම,බදු බර වැඩිවීම සහ නිෂ්පාදන වියදම් ඉහළ යාම වගේ හේතු හින්දා මිල උච්චාවචනය ජනතාවට උහුලගන්න අමාරුයි.

ඒකේ ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුට දවසකට ඉන්ධනවලට ආදායමෙන් 10–13% පමණ වැය කරන්න වෙනවා.අත්‍යාවශ්‍ය ආහාරවලට දවසක ආදායමෙන් 50–70% අතර මුදලක් වැය වෙනවා.දියුණු රටවල මිල වැඩි වුවත් ජනතාවගේ ආදායම ඉහළ හින්දා ඒක මෑනේජ් කරගන්න පුළුවන්.අපේ අඩු ආදායම සහ ආනයන ආර්ථිකය හේතුවෙන් මිල උච්චාවචනය ජනතාවට දරාගන්න බැරි ගුණයකින් බලපානවා.

ලෝකයේ ගොඩක් රටවල ජනතාව තමන්ගේ ආදායමෙන් පොඩි ප්‍රතිශතයක් වැය කරලා ඉන්ධන හා ආහාර ලබාගනිද්දී ලංකාවේ අපි ඒ වගේ අත්‍යාවශ්‍ය වියදම්වලට ආදායමෙන් ලොකුම කොටස වැය කරනවා.ඒ රටවල මිනිස්සු ජීවිතය විදිද්දී අපි ජීවිතය විඳවනවා.අපි උහුලගන්න බැරි ජීවන වියදමකින් පෙලෙන හේතුව ඔයාලට දැන් පැහැදිලි ඇති.

 

- රටේ රාළ -
Advertiesment